Saturday, December 31, 2011

2012 වසර ට පෙර

කාලය කියන්නේ ඉතින් අල්ල බැදලා තියාගන්න පුලුවන් දෙයක් නෙමේ නෙ. ඒහෙම කරන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද කියලා හැමෝම හිතින් හිතනවා ඇති. මේ කිවුවට මමත් එහෙම තමා. එක නේ කියන්නේ කාලය රන් හා සමානයි කියලා.

කට්ටිය බලනවා ඇති මොකද මේ එක පාරට  කාලය ගැන කියන්නෙ කියලා.එකට හේතුව තමා ඉතින් 2011 අවුරුද්දත් ගෙවිලා යන්න බොහොම ලගයි. ජිවිතයට තවත් මතකයන් රැසක් එකතු කරපු තවත් වසරක අවසානයට තමා අපි මේ ලං වෙලා ඉන්නේ. ජිවිතය කියන්නේ පුදුමාකාර සොදුරු දෙයක් එක වේලාවකට අපිට සතුට වගෙම දුකත් එකසේ හිමි කර දෙනවා. ඉතින් ඒ හැමදෙයක්ම අපේ ජිවිතවලට එකතු වෙන්නේ තවත් අත්දැකිමක් විදියට. මම හිතන විදියට මිනිසුන්ගේ ජිව්ත වල තියන ප්‍රබලම අවිය තමා අත්දැකිම් කියන්නේ. ඉතින් 2011 කියන්නේ ඒ විදියට අත්දැකිම් ගොන්නක් එකතු කරපු වසරක්.

ඉතින් 2011 වසරේ අවසානය කියන්නේ තවත් වසරක අරම්භය කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. 2012 ගැන අපිට තවම අනාවැකි කියන්න බෑ. ඒ කොහොම උනත් හැමොම හිතට ගන්න ඕන දෙයක් තමා 2012 වසර අපේ ජිවිත වල තවත් සොදුරු, අමතක නොවෙන වසරක් කර ගන්න මහන්සි වෙලා තම තමන්ට අයිති වැඩ කොටස හරියට කරන්න. එතකොට අපි හැමොටම ආපසු හැරි බලනකොට හිතට ලොකු සතුටක් දැනේවි.

2012 වසර තවත් ව්දියකින් ලෝකයේ සියලුම දෙනාට වැදගත් වෙනවා. ඒ මායන්වරුන්ගෙ දින සටහනේ 2012 දෙසැම්බර් 21 පසු එය අවසන් විම. ඒ නිසා ලොව බොහො දෙනා සිතන්නේ එය ලොකයේ විනාශය කියලා. සමහරුන් ඊට ප්‍රතිවිරුද්ධ මත දරනවා. ඉතින් ඔය සම්බන්ධව එක එක මත ප්‍රකාශ වෙලා තියනවා.

ඉතින් මේ සියලු දේ සමගින් අපි 2012 වසරට පා තබන මේ මොහොතේ මගේ පැතුම වන්නේ සියලු දෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සොභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා.