Thursday, August 16, 2012

අහිමි වූ ආදරය

අසීමිත වූ ආදරයෙන් වේලි හිද 
ගත ද සිත ද සනසාලු ඔබ 
වෙන්ව ගිය දා සිට 
නෙතු පියන් පුරා
බලා හිදිමි අවදිව 
යලි මා  සතු  වන 
ඒ සොදුරු මොහොත 
එලබෙන තුරු 
මා හැර ගිය
ඒ ආදරණිය නින්ද 

Sunday, April 22, 2012

නොවෙන දේ


හිරුට කිවත් හිමිදිරියේ
නොයෙන ලෙස
සයුරට කිවත් වෙරළට
නොපෑමිනෙණ  ලෙස
කිවත් කොපමණ
සිදුනොවෙයි කිසිවක් කිසිදාක
කියු සේම
ඔබ අමතක කරන ලෙස


Sunday, January 1, 2012

වේදනාව


සිත හඩයි
දරා ගත නොහැකි ලෙස
අහිමි වෙන ඔබ
සිහියට එන විට

නොසිතු මොහොතක
හමු වු ඔබ
නොහැක මකන්නට
ඔබ මට දුන් ඒ සොදුරු මතකය

කෙදිනකවත් හිමි නොවෙනා බව
දැන දැනම සිත තවත්
ඔබ වෙත ම දිව යයි
නැවත්විය නොහැක එය මට

හැකිනම් පියාඹමි ඇතට
රැගෙන ඔබ දැතට
කෙසේ කරන්නද එය
විලංගු බැදි ඇත තටුවල

ඔබගේ සිහිනාව වේ
මාගේ එකම පැතුම මතුවට
පතමි කදුලු නොවැටෙනා දෙනතක්
සැමදා ඔබගේ ජිවිතයට


Saturday, December 31, 2011

2012 වසර ට පෙර

කාලය කියන්නේ ඉතින් අල්ල බැදලා තියාගන්න පුලුවන් දෙයක් නෙමේ නෙ. ඒහෙම කරන්න පුලුවන් නම් කොච්චර දෙයක් ද කියලා හැමෝම හිතින් හිතනවා ඇති. මේ කිවුවට මමත් එහෙම තමා. එක නේ කියන්නේ කාලය රන් හා සමානයි කියලා.

කට්ටිය බලනවා ඇති මොකද මේ එක පාරට  කාලය ගැන කියන්නෙ කියලා.එකට හේතුව තමා ඉතින් 2011 අවුරුද්දත් ගෙවිලා යන්න බොහොම ලගයි. ජිවිතයට තවත් මතකයන් රැසක් එකතු කරපු තවත් වසරක අවසානයට තමා අපි මේ ලං වෙලා ඉන්නේ. ජිවිතය කියන්නේ පුදුමාකාර සොදුරු දෙයක් එක වේලාවකට අපිට සතුට වගෙම දුකත් එකසේ හිමි කර දෙනවා. ඉතින් ඒ හැමදෙයක්ම අපේ ජිවිතවලට එකතු වෙන්නේ තවත් අත්දැකිමක් විදියට. මම හිතන විදියට මිනිසුන්ගේ ජිව්ත වල තියන ප්‍රබලම අවිය තමා අත්දැකිම් කියන්නේ. ඉතින් 2011 කියන්නේ ඒ විදියට අත්දැකිම් ගොන්නක් එකතු කරපු වසරක්.

ඉතින් 2011 වසරේ අවසානය කියන්නේ තවත් වසරක අරම්භය කියලා අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. 2012 ගැන අපිට තවම අනාවැකි කියන්න බෑ. ඒ කොහොම උනත් හැමොම හිතට ගන්න ඕන දෙයක් තමා 2012 වසර අපේ ජිවිත වල තවත් සොදුරු, අමතක නොවෙන වසරක් කර ගන්න මහන්සි වෙලා තම තමන්ට අයිති වැඩ කොටස හරියට කරන්න. එතකොට අපි හැමොටම ආපසු හැරි බලනකොට හිතට ලොකු සතුටක් දැනේවි.

2012 වසර තවත් ව්දියකින් ලෝකයේ සියලුම දෙනාට වැදගත් වෙනවා. ඒ මායන්වරුන්ගෙ දින සටහනේ 2012 දෙසැම්බර් 21 පසු එය අවසන් විම. ඒ නිසා ලොව බොහො දෙනා සිතන්නේ එය ලොකයේ විනාශය කියලා. සමහරුන් ඊට ප්‍රතිවිරුද්ධ මත දරනවා. ඉතින් ඔය සම්බන්ධව එක එක මත ප්‍රකාශ වෙලා තියනවා.

ඉතින් මේ සියලු දේ සමගින් අපි 2012 වසරට පා තබන මේ මොහොතේ මගේ පැතුම වන්නේ සියලු දෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වන කිරියෙන් පැණියෙන් ඉතිරෙන සාමය සතුට පිරි සොභාගය පිරි සුබම සුබ නව වසරක් වේවා.  

Sunday, August 21, 2011

මට මොකද වෙලා තියෙන්නේ

නිකන් පිස්සු වගේ !!!..හා හා හා...එහෙම කියුවට එහෙම ම නෑ. මේකයි වෙලා තියෙන්නේ වැඩ වැඩි හින්ද ඒ එකවත් හරියට සංවිධනය කර ගන්න බැරැව ඇති වේච අවුල තමා මේ බ්ලොග්  එකේ ලිය වුනේ. අද කවි නෑ. මොකද එවා එන්නේ නෑ ඔලුවට. ඒ නිසා ඔලුවට එන ටික ලියලා දාන්න හිතුනා. හරි අවුලක් නෑ නැවත සංවිධානය වෙලා පිටියට බහිමු නැවතත් පන්දුවට මුහුණ දිම සදහා. එහෙනම් යලුවනේ වෙන දවසක එන්නම් කවියකින් අදට සමුගන්නවා . ඔබට ජය...!!!

Wednesday, July 20, 2011

ඉනිමග




වැජඹෙන්නට කවදා හරි
මේ ජිවිත ගහේ මුදුනට වෙලා
මම හිතුවේ උපාධිය
උඹ එකට ඉනිමගක් කියලා
ඒ උනාට නගිනවා තාමත් උඩට මං
නෑ තාම පෙනුණේ ගහේ මැද වත්
වැරැද්ද මගේ ද ?
ගහේ ද ?
නැත්නම් ඉනිමගේ ද ?

Wednesday, April 20, 2011

කෑම එක

උඹ පයින් ගැහුවේ මට නෙමේ
මගේ දුප්පත්කමට
උඹ ලං උනේ ඌට නෙමේ
උගේ සල්ලි වලට
උඹට දැන් තෙරෙනවා නේද
ඔය කෑම එක කෑවා වගේ නෙමේ
දිරවන කොට කියලා
මං උඹට හිනා වෙන්නේ නෑ
හැබයි දුක් වෙන්නෙත් නෑ........