Wednesday, April 20, 2011

කෑම එක

උඹ පයින් ගැහුවේ මට නෙමේ
මගේ දුප්පත්කමට
උඹ ලං උනේ ඌට නෙමේ
උගේ සල්ලි වලට
උඹට දැන් තෙරෙනවා නේද
ඔය කෑම එක කෑවා වගේ නෙමේ
දිරවන කොට කියලා
මං උඹට හිනා වෙන්නේ නෑ
හැබයි දුක් වෙන්නෙත් නෑ........

Monday, April 18, 2011

පින්කාරයෝ

කොල්ලන්ගේ
පර්ස් එකට කෙල වෙද්දි
ෆොන් බිලට තරු පෙනෙද්දි
වෙන වැඩකට වේලා නැති වෙද්දි
කියන කතා ඇහෙද්දි
බ්ලොග් කියවද්දි
හිතින් අඩන හැටි දකිද්දි
පිස්සෝ වගේ බොද්දි
කෙල්ලෝ නැති උන්
මාර පින්කාරයෝ කියලා
උඹටත් හිතුනා නේද ?.....

Sunday, April 17, 2011

දඩුවම

සිත ඔබට පෙම් කරන විට
මම ඇය හා හාද විය
ඔහු පෙමින් ඔබ්ට ලං විය
මා ඇගෙන් වෙන් විය
ඔබ ඔහුට ලං විය
ඇත තවමත් මා ලග
ඒ පෙම් සිත නිහඩව
ඒදා මම කල වරදට
අහිමි වු ඔබ
අද ඔහු සමගය
අද මා තනිවමය...

Saturday, April 16, 2011

කවියකි.....

කොපමණ ලියුවත්
කිසිදා නිම නොවෙයි
මතු වෙයි තව තවත්
අලුතින් පදවැල්
ජිවිතය යනු
දුක හෝ සතුට නොව
එවන් කවියකි
මතක අතරේ....

Thursday, April 14, 2011

සෑමට ම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.........!!!!

ඉතින් මේ ලැබුවා වු සිංහල දෙමළ අලුත් අවුරුද්ද හැමොටම කිරී ඉතිරෙන සිතු පැතු දේ සඵල වෙන අවුරුද්දක්ම වේවා කියලා ප්‍රර්ථනා කරනවා ඉස්සෙල්ලාම.
වෙනදා වගේ නෙමේ මේ සැරේ අවුරුදු නැකැත් යෙදිලා තිබුනේ
හවස් යාමේ. ටිකක් කම්මැලි වෙලාවක් තමයි ඉතින්. කොහොම හරි ඉතින් 2011 වසරේ අවුරුද්දත් උදා උනා. මේ වසරේත්  තුනෙන් ඒකක් ඉවරයි ඕන්න. ඊලගට ඉතින් වෙසක් තමා.
මේ වෙනකොට ඉතින් කට්ටිය කලා බිලා හෙට තියෙන හිස තෙල් ගැමට් සුදානම් වෙනවා ඇති. ඒහෙනම් ලැබුවා වු නවසරේ සියලු දෙනාටම සාමය සතුට පිරුණු සෞභගයමත් අලුත් අවුරුද්දක් වේවා....