Tuesday, January 11, 2011

මේ දවස් වල සිතල

අද මම මේ දවස් ටිකෙ ලියපු පොස්ට් වලට වඩා වෙනස් එකක් ලියන්න හිතුවා. එහෙම කරන්නෙ දෑන් කවි ලියවෙන්නෙ නෑති හින්දා නෙමේ. කවි ඔලුවට ආවත් එවා ලියලා දාන්න වේලාවක් තිබ්බේ නෑ. මේ දවස් වල නම්  ඉතින්  අමුතුම සිතලක් තමා තියෙන්නෙ.එක තමා අද කතාව.පොලවේ කකුල තියන්න බෑ සිතල.කොළඹ ප්‍රදෙශයේ ජිවත් වෙන මට මෙහෙම නම් නුවරළියෙ පෑත්තෙ ඉන්න කෙනෙක්ට කොහොම ඈත් ද රෑ කාලෙට කියලා හිතෙනවා මේ සිතලේ ඉන්න කොට. එක අතකින් හිතෙනවා සිතල හොදයි කියලා මොකද අප්‍රෙල් වල ලoකාවට ඉර මුදුන් වෙනවා නෙ එතකොට තියෙනෙ රස්නය මතක් වෙනකොට නම් සිතල හොදයි කියලා හිතෙනවා. හෑබයි සිතලත් එක්ක එන දුක් මුසු ආරන්චිය තමයි කොළඹට වහින්නෙ නෑතුව සිතල උනාට රටේ අනිත් පෑති වලට හොදටම වහිනවා කියන එක.

ඒ නිසා රටේ හුගක් පෑතිවල තියෙන වෑව්, අමුණු හා ජාලාශ පිරිලා ඉතිරිලා ගිහින්. එක ගෑනත් වෙලාවකට හිතෙනවා හොදයි කියලා මොකද ඕවා වල වතුර නෑතුව විදුලිය කපලා මුලු රටම කලුවරේ හිටිය හති මතක් වෙනකොට . ඒ උනාට දෑන් තියෙන ප්‍රශ්නය තමයි නාය යෑම් , ගoවතුර වගෙ දෙවල් හින්දා රටේ ලොකු පිරිසක් ආපදා තත්වයකට මුහුන දිලා තියෙන එක.සිතලට නම් මම නම් ආසයි හෑබයි එක නිසා තව තෑනක ඉන්න අයට මෙහම වෙන එක නම් හොද නෑ. කාලගුණේ ගෑන ආනාවෑකි කියන අය ගොඩක් වෙලාවට ඈත්ත වෙන්නෙ නෑ නෙ. එහෙම නම් ඈත්තටම කවදා විතර මේක අඩු වෙයි ද කියලා දෑන ගන්න එක ආපදාවලට ලක් වෙලා ඉන්න මිනිසුන්ට හිතට සහනයක් වෙයි.දෑන් රජයත් එ මිනිසුන්ට ආධාර ලාබා දෙන්න කියලා නිවේදනය කරලා නෙ තියෙන්නෙ.ඒ නිසා මේ සිතලත් විදගෙන ඒ අයටත් උදව්ක් කරන්න උත්සහ කරන එක තමයි හරි. එහෙනම් අදට නවතිනවා. ඔබ සෑමට ජය. :)

No comments:

Post a Comment